D Dam :
කොරෝනා චීනෙන් පටන් ගත්ත මිසයිල
මිනිස්සුන්ගෙ බල තන්හා ජයිවීව නිසයිද
පණපිටින් සත්තුකාපු එවුන්ට මොන බසයිද
ආත්මාර්ථකාමී හැතිකරේ ජීවිතේ දිනයිද
විසයි විසයි ඒකයි පැතිරෙන්නෙ වයිරස
කසයි කසයි ආරක්ෂා වියයුතුයි හැමවිට
සිහියට ගමු අත් හැමවිටම සෝදන්න
ගලනා වදන් පොතක් ගනින් ලියලා දෙන්න
එකට එකා වගෙ එක්වෙලා
ආරක්ෂක අංශයි සෞඛ්‍යයයි රොක්වෙලා
පාලනය කලයුතුයි වයිරස් ස්ටොක් වෙලා
හැමොටම සුවය පතමි රටවල් බ්ලොක් වෙලා
T Tag :
මේක කොරෝනා පැතිරෙන වෛරස
දුක විතරයි මිනිස් මරණ දැන් ඉහලට
මාක්ස් එකක් කීයද කඩේ ගාන රත්තරන් වලට විකුණයි ඔන්න
අද මිනිස්කම ද පිරිහිලා රටේ
වයස් බේදයක් නෑ මැළ වෙද්දි ජීවිතේ
මිනිස්සු හාමතේ නැති බැරි එකා එක තැන
තියන එකා ගොඩ ගහන් කන්නේ
මේක තන්හාව භව ගමනේ යන මිනිස්සු ලංකාව
කෝ එකිනෙකට උදව් පෙකිනි වැල කපං දැන් ළමයා නෝ
තමන්ගේ නැණ පමන දැනම කරමු වැඩ
පොදි දැන් ගැහුවත් මැරෙන කොට තනියෙන් යන්නේ
උදව් කරපං ආයෙත් බලාගෙන නෙවෙයි
හිතින් නවත්තපං වෙනස්කම් එපා ලොවෙන්
මොහොතින් නවතිවී ජීවිත
මිනිස් ගමනේ කාලේ සීමිත
හිතවතා ළඟ ඉදිද දෙයිද විස
තමන්ට කරපු පින විතරයි මිස////
D Dam :
වටෙට පැතිරෙයි වීදී
හිතට ගනි බං ඉතිං
පතනවා බුදුසරණම හැමෝට නිතී///