[Intro]
අම්මා කැපකෙරුවා මුළු සංසාරෙම
මව් කුස පහුවෙද්දි හමුවුනෙ පාසල
දරුවෝ කවුරුත් විනෝදෙටයි ආසම
නිවාඩු කාලේ සෙල්ලම් කරා මාසෙම
අම්මා තාත්තා ගොඩක් මැව්වලු හීන
වැඩකට නැතිවුන් අපිට ප්රවීණ
අමුතු චරිත හා ප්රියතම ගීත
හීන හැබෑවෙන්නේ කොහොමද මෙහෙම
හීන අපි මැව්වා බීලා දුම ගැහුවා
අම්මා තාත්තාගෙත් කඳුළු බිම ගැහුවා
හොඳ අහපු ම්නිස්සුත් අහ බලනකොට
මොකක්ද මේ හදවතින් මම ඇහුවා
[Chorus]
ඇහේ කටු ඇනුනා ඇඬුනේ නෑ
මගේ යාළුවෝ නිසා මට දැනුනේ නෑ
චරිතේ කැත වුනා මැකුනේ නෑ
මගේ අනාගතේ මට පෙනුනේ නෑ
අම්මාට තාත්තට හදන්න බැරි මාව
හදන්නෙ හදන්නේ ඉස්කෝලේ මිස්ලු
කාලයක් ගෙවෙද්දි දැනුනේ එක දෙයයි
කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
මං පාරට බැස්සම ඕපදූප ටික
අම්මට කියනවා මාර මිනිස්සු
උන් හිනාවෙවී මගේ අම්මා අඬනකොට
කියන්නේ අරූගෙ අම්මට පිස්සු
[Verse]
ඉස්කෝලේ යාළුවෝ හිටියා මාව වටකරන්
උදව් කරන්නේ නෑ කවුරුත් මම තරම්
මට එදි කරදර උන් ගියා මඟ ඇරන්
රිද්දපු යාළුවෝ හිටියද මොනතරම්
මගේ ප්රශ්න ළඟ උත්තර නෑ
මගේ යාළුවන්ගෙ මාව හිත්වල නෑ
මට කන්නනැතත් උන්ගෙන් ඉල්ලලා නෑ
යාළු මගේ මතකයන් පුච්චලා නෑ
දැන් සෙල්ලම් කරන්න කාලයක් නෑ
ඒ ගියත් වැඩක් නෑ යාළුවෝ නෑ
යාළුවෝ හම්බවුනා වසවිස එක්කලා
හන්දියේ අද මට පාලුවක් නෑ
[Chorus]
ඇහේ කටු ඇනුනා ඇඬුනේ නෑ
මගේ යාළුවෝ නිසා මට දැනුනේ නෑ
චරිතේ කැත වුනා මැකුනේ නෑ
මගේ අනාගතේ මට පෙනුනේ නෑ
අම්මාට තාත්තට හදන්න බැරි මාව
හදන්නෙ හදන්නේ ඉස්කෝලේ මිස්ලු
කාලයක් ගෙවෙද්දි දැනුනේ එක දෙයයි
කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
මං පාරට බැස්සම ඕපදූප ටික
අම්මට කියනවා මාර මිනිස්සු
උන් හිනාවෙවී මගේ අම්මා අඬනකොට
කියන්නේ අරූගෙ අම්මට පිස්සු
[Bridge]
කාලයක් හරස්වෙලා ජීවිතේ වෙනස්වෙලා
අම්මා තාත්තා ගුරුවරු ජීවිතෙන් දුරස්වෙලා
ගෙදර ලොකු ගින්නක් හේතුව මං වෙලා
දෙලොවක් අතර මං අතරමං වෙලා
ගිය අතීතයක් මං කොහොම ගන්නද
හැරිලා බලලා ආය කොහොම යන්නද
ආසයි අම්මගෙන් ගිහින් අහන්න ඔය
උකුලට අම්මෙ මං ආය එන්නද
හිත කියනවා මම හැදෙනවා හිත හයිය නෑ
මාව වසවිසට ඇදෙනවා මං වෙනුවෙන්
අම්මා තව හිනා මවනවා මම දන්නවා
අම්මේ ඔයා තාම අඬනවා
දුක සැප අහන්නේ කාඩයො විතරමයි
ජීවිතයක් නෑ මං තාම එතනමයි
හිත යටින් අඬනවා මං තාම අසරණයි
කලකිරුනු ජීවිතේ යථාර්තෙ හිතලමයි
දෛවයෙ දුක් ලියවෙන්න කලින්
අපි නවතිමු ඇඟ දියවෙන්න කලින්
දුක් මව්ගී ගුණ ලියවෙන්න කලින්
උඹත් හැදියන් ඒ ඇස් පියවෙන්න කලින්
[Chorus]
ඇහේ කටු ඇනුනා ඇඬුනේ නෑ
මගේ යාළුවෝ නිසා මට දැනුනේ නෑ
චරිතේ කැත වුනා මැකුනේ නෑ
මගේ අනාගතේ මට පෙනුනේ නෑ
අම්මාට තාත්තාට හදන්න බැරි මාව
හදන්න හදන්නේ ඉස්කෝලේ මිස්ලු
කාලයක් ගෙවෙද්දි දැනුනේ එක දෙයයි
කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
මං පාරට බැස්සම ඕපදූප ටික
අම්මට කියනවා මාර මිනිස්සු
උන් හිනාවෙද්දි මගේ අම්මා අඬනකොට
කියන්නේ අරූගෙ අම්මට පිස්සු.