▶ scroll to play video with sound
Album art

අත ඇරලා දාලා (Atha Arala Daala)

Lil Rome

Feat. Tikx Kooda
Tikx Kooda
[ Hook]
හ්ම්ම් නන නා නා
සිතුවිලිත් එක්ක හිත රග පානා
ආයෙත් ඒ කාලෙන් දේවල් අරන් හැදෙන්න ඒ ගෙවුන ඒ ජිවිතේ මන් අත ඇරලා දාලා

Lil Rome Prabha
[Verse 1]
රජ පවුලක ඉපදී දුප්පත් විය
වේදනාව වින්ද තරම් දයිවේ හිතවත් විය
මේ ගමනේ ආශීර්වාදය උනෙත් මුල අමතක කට්ටිය
මගේ තාත්තා ඇදට වැටුණු හින්දා මේ ඉරණම අත් විය
මට මාත් නෑ අගේ
කතා කරන්නෑ තාත්තාත් මගේ
ජිවිතේ හීන හුගාක් නෑ මගේ
කුඩු බිව්‍වත් මගේ තාත්තාව බැලුවා
අවුරුදු 17 ක්‌ තාත්තත් ඇදේ
වැටුණු වෙලාවක සාතන් ඇවිල්ලා පාර පෙන්නයි එක මාත්‍රාවකින්
2008 මට තැටිය දෙන්නෙත් පණ වගේ හිටපු යාලුවා මගේ
එලියට දේවල් පෙන්නෑ
අළුයට ගින්දර ඇවිලීලා
මන් පසෙකට හැරුනා නැවතීලා
අමුතුම කාලයක් පැමිනීලා
තරවටු කරනවා කාලය යාලුවෝ එක්ක ඉන්න බෑ ඇලවීලා
අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න වෙන කාටවත්ම නෑ කැපවීලා
රවටයි අපිව විශ්වාසේ
මත් ලොලියෙක් උනා පිස්සා සේ
මන් තටු කපලා දාලා මග අත හැරලා දාපු කුරුල්ලෙක් උනා හිස් අහසේ
නෑ සොදුරු
ඒ මාරම කාලයක් අදුරු
ලේ බින්දේ ගනකමට වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටුණු කදුළු මගේ තටු බලන් විදෙව්වා මන් තනියෙන්ම
දයිවයත් මාව වැට්ටුවා මන් හිට ගත්ත හැම පඩියෙන්ම
වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම
අත් දැකීම් බහුල වෙද්දී දැනෙයි දේවල් කලියෙන්ම
මතකයන් තියලා යන්න
ආසයි මන් පියබා යන්න
පුතා ඇවිත් මට කියනවා තාත්තේ මට පුළුවන් දැන් ( ආ ) යන්න
මමත් ඉන්නේ හරි පීඩනෙන් මන් කියනවා පුතේ ඔයා යන්න
මන් හුරු වුණා දාහක් ප්‍රරශ්න අස්සෙත් උබලට ගීයක් ගා යන්න

Tikx Kooda
[ Hook]
හ්ම්ම් නන නා නා
සිතුවිලිත් එක්ක හිත රග පානා
ආයෙත් ඒ කාලෙන් දේවල් අරන් හැදෙන්න ඒ ගෙවුන ඒ ජිවිතේ මන් අත ඇරලා දාලා
දේවල් ඒ වචන වලින් ලියනු බෑ
හිතුව දේ වචනෙන්නම් කියනු බෑ
සැරිසරයි හිත තනියෙම රෑ
අතරමන් උනොත් ආයෙත් නම් ඉතිම් එන්න බෑ
රෑ දවල් පසු තැවිල්ලෙන් පිරුණු
නෑ තවත් හදවතක් නම් බිදුණු
පාපෙට ගොදුරු වෙලා අදුරු රෑ
ඒ අත්හැරගත්ත දේවල් තැන් තැන් මටත් අමතකයිලු
ඒ විඩාබර වූ ඒ දෑස දුක් වූ සුසුමන්
මේ කර කීදේ ඇති තාමත් දෙන රිදුමන්
වේදනා හුරු වූ රෑ තනියෙන් නිදහසේ ඉගිලෙන්නම් මන් ආයෙත් අහස සිසාරා පියබමින් මන්


Lil Rome Prabha
[Verse 2]
ජෙස්ටයෙක් නෙමේ ශේෂ්ට්‍රයෙක්
කනට ගන්නෑ මන් බොරු කේස් බේස්
අද වගේ නෙමෙ හෙට මීට වැඩිය වැඩ දානවා මන් රැප් ක්ෂේස්ත්‍රේ
දයිවයේ දොරටු විවර කළා මන්
මිනිස්සුන්ට හොද නිතර කරාපන්
රජා අළියෙක් මෙන් කටුක කාලයක් ඇස් පනාපිට මන් ඉවර කළා
කාලය ගෙවෙවී මගේ ජිවිතේ පෑනත් එක්කම වියපත් වෙයි
මන් සින්දුවක් දානවා කියද්දීත් මාව වට්ටන්න හදපු උන් බියපත් වෙයි
හොද දේ කරාම ස්වබා දහම විසින් දයිව්‍ය නිසි ලෙස ලියලත් දෙයි
මන් මැරුණත් මගේ සින්දුත් එයි
උබලට ජිවිතේ කියලත් දෙයි
මට ඕන දේ නෙමෙයි මන් කරන්නේ
කාලයයි අපිව එක්තැන් කරන්නේ
පොඩි කාලේ මම කරපු දේවල් තමා ### තොපි දැන් කරන්නේ
කවුරුත් දන්නෑ හරි පාර
මොනාට කරන්නද ප්‍රතිපහාර
දවසක් එයි මිනි පෙට්ටිය ඉස්සරහින් මහා පාර දිගේ වැලි දාන
මගේ තාත්තා මගේ යාඥා වුණා
මගේ අයියා මගේ තාත්තා උනා දෛවය එක්කළා රණ්ඩු කොරපු මම මගේ ගමන අද සාක්ශාත් වුණා
දිරාපත් වේවි කයනම්
ගමනක් නෑ කුහක වෙන අයනම්
මාත් එක්ක මුළු ගමක් ඉන්නවා ගෑවීලවත් නෑ බයනම්
ගොඩක් සීන් දැක්කා
මිනිස්සුන්ගේ වෙනස් වීම් දැක්කා
හැමෝගෙම රහස් හදවතේමයි ඒවා තාමත් හිතීන් රැක්කා
නින්දා ආවා ප්‍රශන්සා සේ
ගමන යා යුතුයි ආවා සේ
රාජ අලියෙක් මෙන් දිස් වේ පියබ යනවා මන් ඉහළ ආකාසේ

Tikx Kooda
[ Hook]
හ්ම්ම් නන නා නා
සිතුවිලිත් එක්ක හිත රඟ පානා
ආයෙත් ඒ කාලෙන් දේවල් අරන් ඇදෙන්න ඒ ගෙවුන ඒ ජිවිතේ මන් අත ඇරලා දාලා
දේවල් ඒ වචන වලින් ලියනු බෑ කෙරුව දේ වචනෙන්නම් කියනු බෑ
සැරි සරයි හිත තනියෙම රෑ
අතරමන් උනොත් නම් ආයේ ඉතින් එන්න බෑ
රෑ දවල් පසු තැවිල්ලෙන් පිරුණු මේ නෑ තවත් හදවතක්නම් බිදුණු
පාපෙට ගොදුරු වෙලා
අදුරු රෑ
ඒ අත්හැර ගත්ත දේවල් දැන් දැන් මටත් අමතකයිලු
විඩාබර වූ ඒ දෑස දුක් වූ සුසුමන් මේ කර කී දේ අතීතේ තාමත් දෙන රිදුමන්
වේදනා හුරු වූ රෑ තනියෙන් නිදහසේ ඉගිල්ලෙන්නම් මන් ආයේ අහස සිසාරා පියබමින් මන්.
SHARE THIS LYRIC
Facebook X / Twitter ✈ Telegram
← Back to all lyrics